
දඟකාර යොවුන් වියෙ
පන්ති ගිය තෙවන දින
නෙත් කැරකුණා වටපිට
හොරැහින් අහින්සකව ...
නැවතුණා මගේ නෙතු
ඇසුරු සැණින් ඔහු ලඟ
දඟකාර කියවිල්ල
අමතකව නැවතිල්ල !!
ගැස්සුණා මගේ හිත
දැනුණු නුහුරු හැඟුමට
වෙනතක හැරුණා මම
තද කරන් මගේ සිත
ඉවසිල්ලක් නැතුව
හිතුවක්කාර නෙත
මටත් හොරෙන් තවත් වරක්
හොරැහින්ම හැරුණා යලි
එකම එක වතාවක්
ඒ නෙතු දකින්නට
ඇත්තමයි...
එකම එක වතාවයි
නෙතට සැර වැර කරන්
ආපසු හැරුණා මගේ සිත
මගේ සිත ???
නැහැ
ආපසු හැරුණා
සිත නැතිව මම.......
එකම එක වතාවක්
ReplyDeleteඒ නෙතු දකින්නට
ඇත්තමයි...
එකම එක වතාවයි................ nice
Thank youuu :) :)
Delete