Tuesday, February 15, 2011

උසස් පෙළ දිනපොත...

අතීතය කියන්නෙ සුන්දර අසුන්දර මතක ගොඩක සන්කලනයක්. සමහර මතකයන් තියෙනවා කවමදාවත් අමතක වෙන්නෙ නැති අමතක කරන්න බැරි. සුන්දර මතක ගොඩාක් හීනයක් එහෙමත් නැත්නම් චිත්‍රපටයක් වගේ ආපහු හිතෙන් දකින කොට හිතට ලොකූ සතුටක් දැනෙනවා. ඕනම කෙනෙක් මේ මනෝ පාරෙ සතුට විඳලා ඇති. ඔය lectures වලදි එහෙම සමහර අය තනියම හිනාවෙනවා පේන්නෙ !!! මේ කියන්න යන්නේ මනෝ පාරක් ගැන නම් නෙවෙයි. 
මේ ළඟදි දවසක පරණ පොත් ගොඩක් අවුස්සද්දි මට මගේ අතීතයේ ලිඛිත සටහන් ගොඩාක් හම්බවුනා. 2005, 2006 අවුරුදු දෙකේ දිනපොත්. 2004 විද්‍යා දිනය අවසානයේ හිත දැනිච්ච සතුට ලියපු කොළ ගොඩාක් සහ තව මෙකී නොකී දෑ කිහිපයක්. ඉතින් ඔය දිනපොත් කියවද්දි A/L කරපු කාලය ෆිල්ම් එකක් වගේ පේනවානෙ. හරිම සතුටුයි ඒ පිස්සු කාලය මතක් වෙනකොට. මගෙ දිනපොත් වල වැඩිපුරම ලියලා තිබුනෙ කවි හා නිසදැස්. ඇත්තටම ඒවාට කවි නිසදැස් කියන්නත් බෑ. ඒවා අදහස්. හැමදාම හවසට එදා දවස ගැන වචනයක් ලියන ගමන් නොදැනුවත්වම කුරුටු ගෑවිච්ච අදහස්. සිතා මතා ආසාවෙන් ලියපු කවි නෙවෙයි. ඒ නිසා වෙන්න ඇති මම මේ තරම්ම ඒ කවි වලට කැමති. ඒ කාලෙ තිබුන ලොකුම හීනය මේ මොරටුව කැම්පස් එකනෙ. වැඩිහරියක්ම ලියවිලා තියෙන්නේ ඉතින් පාඩම නොකර පිස්සු නටලා අධි පීඩනයෙන් විභාගය ගැන දුකට ලියන කවි තමා.
තව ඉතින් කවිය ලියලා අන්තිමට සරසවිය කියලා දාපුවත් නැතුවම නෙවෙයි. 

සම්ප්‍රදාය වෙනස් කරලා අපි අපේ කණ්ඩායම් ව්‍යාපෘතිය විදියට කරපු විදු නැණ සර 2004 විද්‍යා දිනය අවසානයේ ලියපු සටහන දැක්කම හිතට දැනුණෙ පුදුමාකාර සතුටක්. දහසකුත් බාධක මැද්දෙ ඇතිවෙන්න කටු කාලා මහන්සි වෙලා කරපු විද්‍යා දිනය සාර්ථකව අවසන් වුණු මොහොතෙ දැනුණු හැඟීමම මට අදත් දැනුනා කිව්වොත් හරියටම හරි. විද්‍යා දිනය ගැන නම් අපිට වෙනම බ්ලොග් එකක්ම ලියන්න දේවල් තියෙනවා.

ඒ අවුරුදු දෙකෙ විශේෂ දවස් ගැන නම් කොහොමත් අමතක වෙන්නෙ නෑනෙ. දිනපොත් කියෙව්වාම ඒ විශේෂ දවස් ගැන මතකය අලුත් වුණා.

අපේ bio/maths පන්තිය (12/13 B) 2005 වෙසක් එකට දීපු දන්සල මතක් වෙනකොටත් හරිම සතුටුයි. කාලා බීලා කන්න බොන්න දීලා හරිම විනෝදෙන් ගත කරපු දවසක්, එතකොට 2005 මොරටුවෙ expose බලන්න ආපු ගමන, කිව්වට මොකද ඊට පස්සේ මම එකම expose exhibition එකක්වත් බලලා නෑ. හොඳ වෙලාවට ඒ අවුරුද්දෙ හරි ආවෙ. ප්‍රදර්ශනයෙ තිබුන දේවල් අපිට සරල වැඩි නිසා අපි අන්තිමට කැම්පස් එකේ ඇවිදලා beach ගිහින් ඇතිවෙන්න ෆන් අරන් යන්න ගියා. :D
ඇයි දකුණු පලාතේ ඔක්කොම ඉස්කෝල එකතු වෙලා කරපු දක්ශින අභිමානි . ප්‍රදර්ශනම තමා ඔක්කොම.

ඉස්කෝලෙදි බැනුම් අහපුවා කෑගහලා punish කරන කොට හොරෙන් බේරිලා ඉදපුවා, periods කට් කරලා බොරු ඩියුටි කරපු හැටි වගේම බොරු periods ගැන කියලා ඩියුටි කට්  කරපු මතක. තව ඉතින් පන්තිවල මතක සටහන්. අපොයි මේවා ලියලා  ඉවරයක් කරන්න බෑ

මේ වගේ කී නොකී දහසකුත් සුන්දර මතකයන් මගේ දිනපොත් වල පිරිලා. කිව්වත් වගේම අතීතය කියන්නේ සුන්දර මතකයන් ගොඩක් විතරක් නෙවෙයිනෙ. 2004 දෙසැම්බර් වල සිදුවුන සුනාමිය නිසා ගාලු නගරය විනාස වුනා. අපේ ඉස්කෝලෙ අපේම යාලුවො සුනාමිය නිසා අපිට නැති වුණා. මට මතකයි ඒ දවස්වල ගාල්ලෙ සුන්බුන් අයින් කරන්න කලින් ටවුන් එකට ආවම හිතට මහ අනියත බයක් දැනෙනවා.

ඊට පස්සෙ අපි දවස් කීයක් බය වුණාද සුනාමි එනවා කියලා. ඉස්කෝලෙට වෙලා මුහුද දිහා බලාගෙන හිටියා දවසක් බයවෙලා. සුනාමි නම් ආවෙ නෑ. ඒත් ඉතින් උගන්නන්නෙ නැති නිසා නිදහසේ කියවා කියවා හිටියා මතකයි. යාලුවො එකට මැරෙන්න හිතාගෙන !!!!!!

මගේ දිනපොත් මේ වගේ මතක සටහන් වලින් පිරිලා. මට හිතුණා ඒ මතකය ආපහු අවදි කරන්න. ඒ දිනපොත් වල තියෙන අර  මම කලින් කිව්ව කවි ටික මම බ්ලොග් එකේ දානවා. මොකද ඒ කවි මගේම මතක සටහන් නිසා..සමහරවිට ඔබත් ඒ මතක සටහන් වල කොටස්කරුවෙක් වෙන්න පුලුවන්...

කිව්වත් වගේම 2005 මුල් මාස වල සරසවි සිහිනය ගැන ලියපු කවි දෙකක් දාලම පටන් ගන්නම්.

විඩාබර සිතකට
නිරන්තර දිරියක්
ගිරිදුර්ග මාවතක
සොඳුරුතම නැවතුමක්
දයාබර දෙහදක
අහින්සක පැතුමක්
සරසවිය නුඹ
සකල සිත් කොනක රැඳි 

සොඳුරුතම සිහිනයක්.....

ඇවැසිමයි නුඹව මට
අහිමි නොවනු මැන
සිහිනයක්ව හිඳ
නුඹ කෙරෙහි ආලයෙන්
මසිත නුඹ ගැනම
පෙරුම් පුරනා සඳ
කිමද නුඹ මා වෙතින්
දුරස් වනුයේ නිබඳ
ආදරණීය සරසවිය
මා ඔබේ කරගනු මැනව

4 comments:

  1. කිව්වම මොකද, උසස් පෙල ලියන කාලෙ අක්කා දිනපොත් ලිව්වා කියන කොට පුදුම හිතෙනවා.මොනව උනත් ඒ කාලෙ මතක් වෙනකොට ඇත්තටම සතුටුයි. හැබැයි ඉතින් අපිටනම් ඒ සතුට කවියකට පෙරලන්න තරම් හැකියාවක් තිබ්බෙ නෑ. තියෙන්නෙ ඒ මතක සටහන් විතරයි.

    ReplyDelete
  2. මගේ ඒ ලියන පුරුද්ද නැතිවුනේ කැම්පස් ආවට පස්සෙ. 7 වසරෙ ඉඳලා උසස් පෙළ ඉවරවෙනකන්ම මම diary ලිව්වා. ඇත්තටම දැන් ඒවා කියවනකොට හරිම සතුටක් දැනෙනවා.

    ReplyDelete
  3. ඔය ලියපු කවි ඇයි දැක්මෙ දක්කෙ නැත්තෙ...?

    ReplyDelete
    Replies
    1. මම කිව්වා වගේ මේවා හිතා මතා ආසාවෙන් ලියපු කවි නෙවෙයි. නිකම් ඔලුවට ආවට diary 1 ලියපුවා.. ඒවා දැක්මට දෙන්න තරම් හොඳ නෑ කියලා මට හිතුණා.. ඒත් ජනක සර් ගේ දැක්මෙ තිබුණ ලස්සන කවි මම කටපාඩම් වෙනකම් කියවලා තියෙනවා. මට අදටත් මතකයි එක නිර්ණාමික හරිම සංවේදී කවියක් අම්මා ගැන ලියපු ...

      Delete