Monday, April 25, 2011

නුඹ මට පෙම් කරාවි..


වැව් ඉස්මත්තේ
ගොඩාක් කල් බලන් ඉඳලා
දහසකුත් නිමිති බලලා
හරි පරෙස්සමට
වැව් දියට බැස්සෙ මම්
හෙමිහිටම අඩිය තිව්වේ
කැලතෙතැයි නුඹ
බියෙන් මම්...

වැව් දියේ ඇඳිච්ච
නුඹේ සොඳුරු රුව
නුඹට ලන් නොවී
හොරෙන් හොරෙන් වින්දා මම්...
'නුඹත් මට පෙම් කරාවි'
ලොකුම ලොකු පැතුමක්
හිත අස්සෙ හිරකරන්...

හදිස්සියෙන්ම !!!
වැටුණු ඒ වැහි පොද
කලත්තමින් වැව් දිය
බොඳ කර නුඹෙ රුව...
සොරාගත්තා නුඹ මගෙන්...
මකා දමා අවසාන පැතුමත්....

හිතුවක්කාර මගේ සිත
තාමත් තනියම
මග බලාගෙන....
නුඹ පායන තුරු
වැව් දියත්තට ආයෙමත්

සඳවතියේ.....
'නුඹ මට පෙම් කරාවි.. '
මට හිතෙනවා තවමත්

2 comments:

  1. නියමයි....... දිගටම ලියන්න සුභ පැතුම්..... :) :) :) මේ පුළුවන්නම් word verification අයින් කරන්න........

    ReplyDelete