Saturday, April 27, 2013

භූමිකාව .. ???


අපි කවුරුත් පරණ රගහලක ... 
මිනිස්සු තෙරපිලා.. හිටගෙන..
කීපදෙනෙක් බැල්කනියේ .. 
මටත් සිට් එකක් තියෙනවා .. 
ගැලරියේ නම් තමයි .. 
එත් එතන හොදයි .. 

තිරය ඇරෙනවා 
නළුවෝ රගපානවා .. 
එක එක ජවනිකා 
එකකට එකක් ගැලපෙන්නේ නැති  
කිසිම හරයක් නැති 
හිනාවෙන්නද අඩන්නද කියල තේරෙන්නේ නැති .. 
අමුතු ජවනිකා 

සමහරක් අමු අමුවේ පරණ කොපි .. 
එත් දැන් දැන් නම් 
බොහොමයක් අලුත්ම අලුත් 
පෙර නොදුටු විරූ ඒවා .. 

මේක ඇතුලේ රස්නෙයි .. 
මේවට ඔලුව විකාරයි .. 

කට්ටියක් නම් පැත්තකට වෙලා 
හුරේ දානවා 
හතිදාගෙන  අත්පුඩි ගහනවා 
මැද්දට පැනලා සින්දුත් කියනවා 
තේරිලාද  මන්දා ... 

තවත් අයිනක කට්ටියක් 
නළුවෝ ටික හම ගහනවා 
මඩ ගහනවා ..
හූ කියනවා ..
"විචාර " පවා ලියනවා .. !!
"බැහැපල්ලා වේදිකාවෙන් 
දියල්ලා අපට රගපාන්න ".. 
උන්නම් වලියට වගේ 
කොහොම හරි පොර කාලා 
උනුත් නගිනවා වේදිකාවට .. 

"ඔව්"  ඒ වෙදිකාවටම තමයි 
වෙනස් විදියකට  රගපානවා 
"ඔව් ඔව්" ! ඒ නාට්‍යයම තමයි .. 

මට නම් දැන් එපා වෙලා 
කේන්ති යනවා මුන් එක්ක 
කඩලා දාන්න හිතෙනවා 
මේ බහුබූත වේදීකාව 
හදන්න හිතෙනවා අලුත් එකක් 
ලියන්නත් හිතෙනවා 
අලුත් තිර පිටපතක් 
අලුත් නළුවොත් අරන් 
රගපාන්නත් හිතෙනවා .. 

ඒත් ...
හිත හිත ඉන්න අස්සේ 
මාස් පඩිය ලැබෙනවා .. 
මේ පාර හොද සීට් එකක් ගත හැකි වගේ .. 
ඔක්කොම අමතක කරලා .. 
මම ආයේ ඉස්සරහ බලාගන්නවා  .. 
"නාට්‍යය සවුත්තු උනත් රගහල තාම හොදයි .. "
මම හිත හදාගන්න හදනවා 
"අඩුම ගානේ මගේ පුටුව හරි හොදයි .."
මම ටිකක් තදින් හිතට කියනවා 
"මම නැති උනාට කවුරුහරි මේක හදයි මනුස්සයෝ .. !!!! "
සිතත් ගොළු වුනා .. හ්ම්ම්ම්..  සදහටම වගේ තමයි ......

22 comments:

  1. පන්හිඳ, දුවන්න... තව තවත්... සුභ ගමන්....

    ReplyDelete
  2. ෂා... නියමයි... කියල වැඩක් නැහැ... අපි හැමෝගෙම භුමිකාව, ඔබ දැකපු අපූරුව. ඔබේ නිර්මාණශීලිත්වයට මගේ ප්‍රණාමය!

    ReplyDelete
  3. Very good Buddhika. It's really nice.

    ReplyDelete
  4. පන්හිඳ.... ගොළු නොවන තෙක් නොමිනිසුන් අතර මිනිසුන් ජීවත් වනු ඇත...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි chamith :) ඔයාගේ කතාව ඇත්ත .. එත් නොමිනිසුන් අතර ඉන්න මිනිසුන් ගොළු නම් ... ඔවුන්ගෙන් වන නරකකුත් නෑ .. හොදකුත් නෑ ..!!

      Delete
  5. වියමන සුන්දරයි..... අර්ථය අපුලයි.... "මම නැති උනාට කවුරුහරි මේක හදයි"

    ReplyDelete
    Replies
    1. අනිවා .. අර්ථය අපුලයි .. එත් ඒක තමා ඇත්ත ...
      අපි ජිවත් වෙන්නේ මඩ ගොහොරුවක .. හැබැයි තාමත් මඩෙ නොගැවී .. අපිට තාම දැනෙන්නේ ගඳ විතරයි ..
      තමන් ඉන්න තැනින් බිමට බැහැල මඩේ ඉඳගෙන එතන පිරිසිදු කරන්න කැපවෙන්න පුළුවන් උතුම් හිත තියෙන පරාර්තකාමින්ටයි .. ජිවිතයේ අරමුණක් නැතිඋන පිස්සොන්ටයි විතරයි ..!!

      Delete
  6. ලක්ෂණ කවියකි...කවි පෙළකි...
    මාසෙ අන්තිමට පඩි නොලැබි මුලින් ලැබෙන්න ඕනි කියලලා මම හිතනවා...

    ReplyDelete
  7. ගොඩක් නිර්මාණ අතරින් හිතන්න දෙයක් ඉතිරි කරන බොහොම දුර්ලභ ගණයේ නිර්මාණයක්. ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  8. ලස්සනයි. එත ඉතින් හෑමදාම වගේ තෙරුම අහගන්න තමා වෙන්නේ . . .

    ReplyDelete
    Replies
    1. :D බොහොමත්ම ස්තුතියි Ishara ... call කරපු වෙලාවක තේරුම කියන්නම් ..

      Delete