Friday, February 24, 2012

නුඹේ ගමන අයාලේ ...

ඇසුරු සැනින් 
හැම මොහොතකම 
නැවතිල්ලක් නැතුව 
නුඹ රස්තියාදුවේ .. 
නුඹේම ලෝකෙක
නුඹ කැමති මාවතක
නුඹ කැමති මොහොතක 
නුඹට ඕන විදියකට ..
නුඹේ ගමන අයාලේ 
තරහත් යනවා මට 
නුඹත් එක්ක 
සමච්චලේට හිනාවෙන විදියට
නුඹ මගේ , 
"සමාජ සම්මත" ගමනට
එකම එක දවසකට 
නුඹ මම වෙලා 
මම නුඹ වුනානම් 
එදාට තේරෙයි නුඹට 
මේ "සාර්ථක, යහපත්" සමාජයෙන් 
සඟවන්න නුඹේ සසල බව 
මම විඳින වේදනාව .. 
.................................
දැන් මේ මොහොතෙත් 
නුඹ දුවලා 
මේ ලෝකේ මම යන්න ආසම තැනට ... 
නුඹ හරිම සතුටින් ... 
ඇත්තටම ඉරිසියයි "සිත" 
මට නුඹ එක්ක ... 

4 comments:

  1. මට නම් මේ ලෝකේ දෙයක් තේරෙන්නෙ නෑ :P

    ReplyDelete
    Replies
    1. ශානක, එහෙම තමා සම්භාව්‍ය දේවල් හැමෝටම තේරෙන්නේ නෑ. :P (නැතුව මට හරියට තේරෙන්න ලියාගන්න බැරුව නෙවෙයි :D :D ) thanks for the comment. :) :)

      Delete
  2. පට්ට කවිය.."සිත" කියලා දැම්මෙම නැත්තම් කියවන කට්ටියට ඔයා කියන්න හදන දේ තේරෙන්නෙ නැතිවෙයි කියල හිතුනාවත්ද?:)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූති..සුපුන් :) :) හ්ම්ම් ඔව්. කාටහරි මම කියන්න හදන දේ තේරෙන්නේ නැති වුනොත් "සිත" කියලා දැක්කම ආයේ කියවලා බලයි කියලාත් හිතුණා.. :) :)

      Delete