Saturday, May 21, 2011

සුබ රාත්‍රියක් නිව්ටන්.... උසස් පෙළ දිනපොත -3

උසස් පෙළ දිනපොත කියලා බ්ලොග් සටහන් දාන්න පටන් ගත්තට මොකද ඒ වැඩේ පටන් ගත්තු තැනම නැවතුනා.. අද තමයි මට එකපාරටම ඒ බව මතක් වුනේ. ආයෙත් පරණ diary 1 කියවලා නිසදැසක් තෝරගත්තා පෝස්ට් කරන්න. කියවලා බලන්නකෝ. මේ මට ඒ දවස්වල පොතක් අතට ගත්තම හිතුණු විකාර තමයි.....

නිදි බර මගේ නෙතු
වෑයමෙන් පොත මත
මුමුණමින් නිව්ටන් නියම
'සෑම ක්‍රියාවකටම ඇත
සමාන හා ප්‍රතිවිරුද්ධ
ප්‍රතික්‍රියාවක්.... '
එක්වරම සිතට දැනුණි
නවමු වූ පිබිදුමක්..
කෙතරම් වෙහෙසුණත් කිම
ලැබෙනු නිසැකයි
සමාන ප්‍රතිපල...
අමතක කර නිදි සුව..
නැවත මා කියෙව්වෙමි
නැවුම් වූ පැතුම් සමඟම ...
අහෝ....!!! ලියා තිබුණි ඊළඟට
'අවස්ථිති රාමුවක් නොවේලු මේ ලෝකය.. '
වලoගු නොවේලු
නිවටන්ගෙ නියම
දැන් කුමට වෙහෙසෙම්ද.....
වසා දමා මා පොත
ගියෙමි විඳින්නට නිදි සුව
කොඳුරමින්....
සුභ රාත්‍රියක් නිව්ටන්ට...!!!

6 comments:

  1. සිංහල බ්ලොග් ලියන අපෙන් උදව්වක්!
    සිංහල Search Engine ගොඩයි. ඒවට Submit කලොත් කියවන අයත් ගොඩයි :)
    1. http://kottu.org/about/
    2. http://sindiya.com/index.cfm?action=add
    3. http://sindilanka.blogspot.com/p/blog-page.html
    4. http://www.lankablogger.com/submit/index.html
    5. http://blogs.sinhalabloggers.com/add-blog

    තව අළුත් එකක්. පාවිච්චි කලොත් ගොඩක් වටී.
    http://sett-decoder.appspot.com/siIndex.html

    ඔබට ජය..!!

    ReplyDelete
  2. @Lankatha- බොහොමත්ම ස්තූතියි ලින්ක්ස් ටික දැම්මට . මම submit කරනවා ඉක්මනින්ම.

    ReplyDelete
  3. නිව්ටන් යන්ත්‍ර විද්‍යාව අයියෝ මට ඔක්කොම ටැපලෙනවා වගේ

    ReplyDelete
  4. nice writing nangi... post the rest too :)!

    ReplyDelete